2012
අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම
පනතේ තාක්ෂණික ගැටළු නිරාකරණය සහ පිළිගත් දේශපාලන පක්ෂ වල යෝජනා සලකා බැලීම මෙහි
අරමුණයි. මේ පිළිබඳව සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට්
අනු කමිටුවක් පත් කෙරුණා. එහි සමාජිකයින් ලෙස, අමාත්‍ය ෆයිසර්
මුස්තෆා(සභාපති), අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය වජිර
අබේවර්ධන, අමාත්‍ය රිෂාද් බදියුදීන්, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය දුමින්ද
දිසානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අමාත්‍ය මනෝ ගනේෂන් පත් කර තිබෙනවා.කැබිනට්
අනු කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු වන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්
කමල් පද්මසිරි මහතායි.
පළාත්
පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනයට පත් කළ කැබිනට් අනුකමිටුවේ පළමු රැස්වීම, පළාත්
සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන්
ඊයේ(අගෝස්තු 01)පස්වරුවේ පැවැත්වුණා. ඒ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදීයි.
2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ පවතින තාක්ෂණික ගැටළු පිළිබඳව
මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ රැස්වීමට මහින්ද අමරවීර, රිෂාද් බදියුදීන්, මනෝ
ගනේෂන් යන අමාත්‍යවරුන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල්
පද්මසිරි මහතා, කොට්ඨාශ සීමානීර්ණය පිළිබඳ අභියාචන විමර්ශන කමිටුවේ සභාපති
අශෝක පිරීස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



Post a Comment