ළිං බොහෝමයක් සිඳී ගොස් ඇති බව වාර්තාවේ
( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල් කිහිපයක දරුණු ජල හිඟයන් ඇතිවී තිබෙන
බවත්, මෙම හේතුවෙන් ප්‍රදේශයේ ළිං රැසක් සිඳී ගොස් ඇති බවත්, ජනතා
අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය සඳහන් කරයි.
ඉතිහාසයේ කවදාවත් අත් නොදුටු දරුණු ජල හිඟයකට මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ
ප්‍රදේශ ගණනාවක් මුහුණ දී ඇති අතර මිනුවන්ගොඩ, මීරිගම, දිවුලපිටිය, ගම්පහ,
කිරිඳිවෙල, අත්තනගල්ල ඇතුලු ප්‍රදේශ ගණනාවක් මේ අතර වන බවත්, එම
සංවිධානය පෙන්වා දෙයි.
පරිසර සාධාරණත්ව කේන්ද්‍රයේ
විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවැසුවේ, මෙම සමාජ අසාධාරණයන්
නවතාලීමට ගතයුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව රජයේ අදාළ නිළධාරීන් සමඟ සාකච්ජා
පැවැත්වූවත් ප්‍රතිඵලයක් නොලද බවත්, නමුත් දිගින් දිගටම ඉදිරියටත් රජයට මේ
සම්බන්ධව බල කරන බවත් ය.
ගම්පහ දිස්ත්‍රික්කයේ
පවතින ජල හිඟයට පමණක් නොව, අනෙකුත් ව්‍යසනයන්ට අවිධිමත් සංවර්ධන
ක්‍රියාවලිය හේතුවන බව, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කළේය.
( අයි. ඒ. කාදිර් ඛාන් )
Post a Comment