BREAKING NEWS

සයින්දමරුදු නගර සභාව අළුතින් පිහිටුවීමට මම පොරොන්දු වෙනවා….” අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා.



ඊයේ දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කල්මුණේ ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරතවූවා. එම සංචාරය අතරතුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විවිධ සංවිධාන එකමුතුව විසින් සයින්දමරුදු පැරඩයිස් උත්සව ශාලාවේ  සංවිධානය කර තිබූ ජනහමුවේ දී සයින්දමරුදු නගරසභාව  පිහිටුවීම පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ  අද මම  තමුන්නාසේලා හමුවෙන්න ආවේ මේ දේශපාලන පක්ෂයට ඡන්දය දෙන්න, මේ මේ පුද්ගලයින්ට ඡන්දය දෙන්න කියන්න නෙමෙයි. මම ආවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ පණිවිඩයක් අරගෙනයි.  තමුන්නානසේලාගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් ඇතිව අනිවාර්යෙන්   සයින්දමරුදු  නගර සභාව පිහිටුවන බවට වන පොරොන්දුවත් සමගයි. හැබැයි,ඒක හෙට අනිද්දා හෝ හදිසියේ ම කරන්න හැකි දෙයක් නොවෙයි.මොකද කිසිදු ජන කොටසකට අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් මෙය සිදු කළ යුතුයි. තවත් මැතිවරණ කිහිපයක් ඉදිරියේ දී තියනවා. ඒ වගේ ම සීමා නිර්ණය කමිටුවට මේ නගර සභාව පිහිටුවන්න ඉදිරිපත් කරන්න ඕන.  ඒහි දී ඇතිවන ගැටළු විසදන්න කාලයක් ඕන. මේ ගැන තමුන්නානසේලා කිසිසේත්ම භය වියයුතු නැහැ. ප්‍රශ්න ඇති කරගන්න ඕනත් නෑ. සීමා නිර්ණය ගැටළු විසදුන ගමන් සයින්දමරුදු නගර සභාව පිහිටුවන බවට මම තමුන්නානසේලා ට පොරොන්දු වෙනවා. ”

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar