BREAKING NEWS

“පිටකොටුවේ පදික වෙළෙන්දාට මෙ ඡන්දය ඉතාම තීරණාත්මකයි.





පිටකොටුවේ පදික වෙළෙන්දාට මෙ ඡන්දය ඉතාම තීරණාත්මකයි. ඔවුන්ගේ බඩට ගැසීමට ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිකෙනෙකුට  ඉඩ දෙන්නේ නෑ. ඔවුන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීමට  විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ....”
-         පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා.

            පිටකොටුව එක්සත් වෙළද ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කරන ලද එක්සත් වෙළද ව්‍යාපාරිකයින්ගේ ජනහමුවක්  අතිගරු ජනාධිපතිතුමන්ගේ  ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 23 ඊයේ දින  කොළඹ කොටුව  ටෙක්නිකල් හන්දියට යාබද  පාවෙන වෙළද සංකීර්ණයේ දී පැවැත්විය.
 එහි දී පැමිණ සිටි  ජනතාව ඇමතූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා කියා සිටියේ  පිටකොටුවේ පදික වෙළෙන්දාට  මේ ඡන්දය ඉතාමත් තීරණාත්මක බවයි. අපි දන්නවා අවුරුදු 50ක් කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව වූවත් තමුන්නාන්සේලාට  මොනවා ද කළේ,?  හැමදාම පදික වේදිකාවෙ වෙළදාම් කරන කොට පොලීසියේ කරදර හිරිහැර ,නගර සභාවෙ හිරිහැර  මෙන් ම විවිධ  දූෂණයන්ට ද  යටත් වීමට සිදුවෙනවා. යැයි පැවසූ අමාත්‍යවරයා,  ඒ නිසා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ  නායකත්වයෙන් නව මුහුණුවරක් ගන්නවා. අපි දන්නවා ජනාධිපතිතුමා ඇමතිවරුන්ට සෑම විටම  උපදෙස් දෙන්නේ  පොඩි මිනිහා රැක බලා ගන්න කියලා. ඒ නිසා  මම තමුන්නාන්සේලා  සෑම විට ම පෙනී සිටින විට  අතිගරු ජනාධිපතිතුමා මට උපදෙස් දීලා තියෙනවා  පදික වේදිකාවෙ  වෙළෙන්දාගේ බඩට ගහන්නට  කිසිම කෙනෙකුට  ඉඩදෙන්න එපා කියලා. යනුවෙනුද අමාත්‍යවරයා පැවසීය.
            අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ  පදික වෙළදුන්ගේ  ආරක්ෂාවට ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවයි. අපි දන්නවා සමස්ථ  ශ්‍රී ලාංකීය ජනතාව   අද ජනාධිපතිතුමා සමග  සිටින බවත්  එතුමා  දුෂණය අද කළත් අතීතයේ කලත් එක කඩුවක් පමණක් පාවිච්චි කරන බවත්  යැයි පැවසීය.අමාත්‍යවරයා කියා සිටියේ මේ රටේ දූෂණය නැතිකිරීමට ඇති එකම විකල්පය අතිගරු ජනාධිපතිතුමා බවයි.
පංචමහා බලවේගයෙන්  බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින බවත් තමන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ පරිදි පදික වෙළදුන්ගේ  රුකියාව  ගෞරවාන්විතව සිදුකිරීමට,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කරන බවට මා පොරොන්දු වන බවයි. ඒ නිසා ඔබ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ    මහ නගර සභාවක් බිහි කිරීමට කටයුතු කරන ලෙස ද මා ඉල්ලා සිටිනවා. ඒ සදහා  භයක් සැකක් තියා ගන්නට උවමනාවක් නැති බව ද  පදික වෙළදුන්ට හිරිහැර කළ සැම විට ම  පොලීසිය සමග ගණුදෙනු කළේ  තමන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar