BREAKING NEWS

ගල්ලොලුව වාණිජ සමාජයෙන් විශ්ව විද්‍යාලවලට තේරී පත් ළමුන්ට තිළිණ බෙදාදීම.


(මිනුවන්ගොඩ - අයි.ඒ.කාදිර් ඛාන්)
මිනුවන්ගොඩ - ගල්ලොලුව, වාණිජ සමාජයේ විවෘත කිරීමේ උත්සවය සහ තිළිණ හා සහතික පත් ප්‍රදානයේ උත්සවය, පසුගියදා ගල්ලොලුව මර්ලියියා උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙහිදී 2018 වර්ෂයේ අ.පො.ස. උසස්පෙළ විභාගය සමත් වී ඉහළම ලකුණු ලබා, විශ්ව විද්‍යාලවලට තේරී පත් වී ඇති පාසල් ළමුන් පස් දෙනෙකුට තිළිණ සහතිකපත් හා ත්‍යාග පිරිනමන ලදී.
උසස්පෙළ වාණිජ විෂය සදහා  එම්.ආර්.එම්. රසාන්, එම්.එම්.එම්. මෆ්කාර්, උසස්පෙළ කලා විෂය සදහා  එම්. එෆ්. ෆාතිමා ෆස්හානා, එම්. ෆාතිමා,උසස්පෙළ විද්‍යා විෂය සදහා  එච්.බී.ෆාතිමා හිල්මියා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාව උදා විය.
මෙම සුවිශේෂි අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාද, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන්  මිනුවන්ගොඩ පොලිස්  ස්ථානාධිපති ජීවක රාජපක්ෂ මහතාද ඇතුලු තවත් ප්‍රමුඛ පිරිසක්ද මෙම උත්සව සභාවට සහභාගි වුණි.
                                                                 (මිනුවන්ගොඩ- අයි.ඒ.කාදිර් ඛාන්) 

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar