BREAKING NEWS

- කටුනායක ගුවන්තොටුපළ - කොළඹ වරායට නිල සුනඛ බළකායක්

-
(මිනුවන්ගොඩ- අයි.ඒ. කාදිර් ඛාන්)
                                  
කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාශය විිසින්, මේ වන විට සූදානම් කර තිබේ.
එම කොට්ඨාශය සතුව මේ වන විට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සදහා විශේෂ පුහුණුවක් ලබා දී තිබේ. මෙම සුනඛයින් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා, මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයින් වන අතර ,ඔවුන්ට ලොව පවතින අති නවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාශය කටයුතු කර ඇති බව, එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ අතර, කටුනායක ගුවන් තොටුපළ හා කොළඹ වරාය සදහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපිත කර ඇති බවත්, එම ඒකක මගින් එහි වැටලීම සාර්ථකව කළ හැකි බවත් ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීට අමතරව, ගාල්ල හා හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපළ සදහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකරන අතර, ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සදහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයින්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, ලාල් සෙනවිරත්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.

                                    (මිනුවන්ගොඩ- අයි.ඒ. කාදිර් ඛාන්)

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar