චන්ද්‍රිකා ගයන්ත සමග
අත්තනගල්ල ඉඩම් ගැන සාකච්ඡාවක්.
(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)
ගම්පහ දිසත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ රජයේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඉඩම් ඔප්පු ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුකෙරුණි.
අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩම්වල පවතින ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවද, මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාව සදහා අමාත්‍යංශ නිළධාරිහුද සහභාගි වූහ.
Post a Comment