පිටකොටුවේ පදික වෙළෙඳාම ෆයිසර් ගේ මැදිහත් වීමෙන් යළි ඇරඹේ
Posted by aljazeeralanka.com on December 23, 2019 in | Comments : 0
පිටකොටුව, ශ්‍රී බෝධිරාජ මාවත අවට පදික වෙළෙඳාම් කිරීමේ අවස්ථාව යළිත් හිටපු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා උදාකර දී ඇත.
ඒ, එම පදික වෙළෙදුන්ගේ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වෙත පැහැදිලි කර දීමෙන් පසුවයි.
ඒ අනුව, පදිකයින්ට හිරිහැරයක් නොවන පරිදි, පදික වෙළෙදුන්ට අවස්ථාව ලබාදීමට එම බලධාරීන් තීරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆාගේ ඉල්ලීමක් අනුවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් පදික වෙළෙදුන් මෙන්ම පදිකයින් ද සිය ප්‍රසාදය පළ කර තිබේ.
( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment