(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
රට පුරා දිස්ත්‍රික්ක 25 තුළම ආවරණය පරිදි, ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කෙරේ.
මෙම ව්‍යාපෘතිය, මාර්තු 11 සිට 17 දක්වා සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. පොලීසියේ හා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
වැසි සහිත කාලගුණය නොමැතිකම නිසා, ඩෙංගු පැතිරීම අඩු වී ඇත.
කෙසේ වෙතත්, වැසි සමයේදී ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සඳහා, මාර්තු 11 සිට සතියක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
Post a Comment