BREAKING NEWS

“දේශපාලනඥයන් පෝෂණය වීමට කොළොන්නාව කුණු ප්‍රශ්නයයොදාගන්න එපා...“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා





දේශපාලනඥයන් පෝෂණය වීමට කොළොන්නාව කුණු ප්‍රශ්නය යොදානොගන්නා ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ඉල්ලා සිටිනවා. ‍ඔහු ප්‍රකාශ කරන්නේ ඒක් ස්ථානයකින් තවත් ස්ථානයකට කුණු රැගෙන යාම විසඳුමක් නොවන බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද පෙරවරුවේ කොළොන්නාව නගර සභාවේ පැවති රැස්වීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින්. කොළොන්නාව කුණු ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කිරීමට මේ රැස්වීම කැදවා තිබුණා. දේශපාලනඥයින්නිලධාරීන් සහ කොළොන්නාව කුණු කන්ද හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියා.
            මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යෆයිසර් මුස්තෆා මහතා, “අසරණ කොළොන්නාව ජනතාගේ කුණු ප්‍රශ්නයෙන් දේශපාලනඥයන් පෝෂණය වෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. කුණු ප්‍රශ්නය දේශපාලන වේදිකාවක් කරගන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ඇති වර්තමානයේ කොලොන්නාවේ කුණු ප්‍රශ්නය වෙනුවෙන් එකතු වෙන්න බැරි ඇයි...? මේ කුණු ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකලා විසඳුමක් හොයන්න අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් උපදෙස් දීලා තියෙනවා. යහපාලන ආණ්ඩුව තුළ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මේ ප්‍රශ්නය විසඳනවා. මේ කොළන්නාව ජනතාවට හැමදාම කුණුත් ඒක්ක ජීවත් වෙන්න බැහැ. ඔවුන්ට අපි ඉක්මණින් විසඳුමක් ලබාදිය යුතුයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මැදිහත්වෙලා මේ ගැටළුව විසඳන්න මම පොරොන්දු වෙනවා.“
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා, “කොළොන්නාව කුණු ප්‍රශ්නය පිළිබඳ සොයා බැලීමට මහවැලි සංවර්ධන සහ පරිසරමහ නගර සංවර්ධන අමාත්‍යංශ වල ලේකම්වරු සහ  මම, ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය ඇතුළත් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටුව මේ වනවිටත් සාකච්ඡා කිහිපයක් පවත්වලා කටයුතු ආරම්භ කරලා තිය‍නවා. කමිටුවට දැනට යෝජනා 50 ක් පමණ ලැබිලා තිබෙනවා. ඒවා සැලකිල්ලට අරගෙන කඩිනමින් මේ පිළිබඳව වාර්තාවක් ලබාදීමට කටයුතු කරනවා..“
රැස්වීමේදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී සුසිල් කිදෙල්පිටිය මහතා, “පහුගිය කාලේ සිද්ධවුනේ කොළොන්නාවේ ජනතාවට, දේශපාලනඥයන් බොරු පොරොන්දු දීපු ඒක. අලුතෙන්ම අපිට විශ්වාසය තබන්න පුළුවන් පුද්ගලයා තමයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා. අපි බලාපොරොත්තු වෙනවා ඒතුමා  මැදිහත් වෙලා මේ ප්‍රශ්නය කඩිනමින් විසඳයි කියලා..“

            කොළොන්නාව නගර සභාවේ සභාපති  රවීන්ද්‍ර උදයශාන්ත මහතා මේ රැස්වීම කැදවා තිබුණා. රැස්වීමෙන් අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා කොළොන්නාව කුණු කන්ද නීරික්ෂණය කළා. 

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar