BREAKING NEWS

“පළමුව රට, දෙවනුව පක්ෂය...“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා




            වර්තමාන ජනාධිපතිතුමාගේ සංකල්පය පළමුව රට, දෙවනුව පක්ෂය බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. එහෙත් ඔහු ප්‍රකාශ කරන්නේ, මීට පෙර පැවති ආණ්ඩුව පැවසුවේ පළමුවත් රට, දෙවනුවත් රට බවයි. කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ, දහම් පාසල් සිසුන් ඇගයීම සඳහායි.

            තවදුරටත් අදහස් දැක්වූ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා, “මුදල් මත යැපෙන සමාජයක ළමයින් දහම් පාසල් වෙත යොමුවෙනවා අඩුයි. අධ්‍යාපනය සමග ධර්මය හැදෑරීම තුළින් තමයි ළමයින්ගේ විනය ඇතිවන්නේ. ඉස්ලාම් ධර්මය කියන්නේ ජීවන රටාවක්. අපි එදිනෙදා කටයුතු නිවරදිව කරන්නේ කොහොමද කියලා ඉස්ලාම් ධර්මයේ උගන්වනවා. ඒවගේම සහජීවනය ඇතිකරන්නේ කොහොමද කියලා උගන්වනවා. ඉස්ලාම් භක්තිකයන් රැවුල වැවීම, කාන්තාවන් ශරීරය වැහෙන්න ඇඳුම් ඇඳීම සමහරුන්ට ප්‍රශ්නයක්. ඒත් කොටට ඇඳම් අඳින එක ඒ අයට ප්‍රශ්නයක් නෙවෙයි. කුමන හෝ ආගමකට, ජාතියකට බාධාකරන කොටසක් ඉන්නවනම් ඒ අය අන්තවාදීන් ලෙසයි මම දකින්නේ. මගේ අරමුණ සිංහල, දෙමළ සහ මුස්ලිම් සියළුම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවීමයි..“

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar