BREAKING NEWS

පළාත් පාලනය පිළිබඳශ්‍රී ලංකා - ඉන්දියා අවබෝධතා ගිවිසුමක්


පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ ඉන්දියාවේ, පළාත් පාලනය පිළිබඳ කේරල ආයතනය(KeralaInstitute of Local Administration)පසුගියදා කොළඹදී අවබෝධතා ගිවිසුමකට එළඹුණා.එම ගිවිසුමට අත්සන් තැබුවේ, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සභාපති කමල් පද්මසිරි මහතා සහ පළාත් පාලනය පිළිබඳ කේරල ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය පී. පී. බාලන් මහතායි.
මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පළාත් පාලනය පිළිබඳ දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ, පළාත් පාලනය පිළිබඳ කේරල ආයතනයේ පුහුණුවත්, ඉන්දියානුවන්ට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ පුහුණුවත් ලබාදීමට නියමිතයි.
මේ අවස්ථාවටපළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා සහ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සුජීව සමරවීර මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ පළාත් පාලනය පිළිබඳ කේරල ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar