මිනුවන්ගොඩ - ගල්ලොළුව
ඩෙංගු පාරාදිසයක් වෙයි
- දෙදරු මවක් මිය ගිහින්
- 15 දෙනෙකු රෝහල්වල
( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )
මිනුවන්ගොඩ, ගල්ලොළුව ප්‍රදේශය, මෙම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් බහුලම ප්‍රදේශය බවට හඳුනාගෙන ඇතැයි, මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇති අතර, ගල්ලොළුව ප්‍රදේශයෙන් පමණක් හමුවූ 15 කට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට මීගමුව හා ගම්පහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව, එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඩෙංගු රෝගය වැළඳීමෙන්, ගල්ලොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා රිසානා (අවු: 42) නමැති දෙදරු මවක් ද ගම්පහ මහ රෝහලේ දී , පසුගිය (2016) දෙසැම්බර් මස 20 වෙනි දින මිය ගොස් ඇති බවද , මෙම අවස්ථාවේදී ඇයගේ දූ දෙදෙනාද (අවු : 19 හා 20 ) ඩෙංගු රෝගයට ගොදුරු වී ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හා වහාම මීගමුව රෝහල් වෙත මාරුකිරීමෙන් ප්‍රතිකාර ගත් බවද වාර්තාවේ.
මෙම ප්‍රදේශයේ පිහිටි කාණු හා කැළෑ ගස්වලින් ඩෙංගු මදුරුවන් බෝවන තැන් රැසක් හඳුනාගෙන ඇති බවත්, සෟඛ්‍ය බලධාරීන් විසින් වරින් වර මේ පිළිබඳව මහ ජනතාවන් දැනුවත් කළද ,
ජනතාවන් ඒ පිළිබඳව නිසි ලෙස සොයා නොබැලීමේ හා බලධාරීන්හට සහයෝගය ලබා නොදීමේ හේතුවෙන්, මෙම තත්ත්වය උදාවී තිබෙන බවත්, සෞඛ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ධුමායන කටයුතු තව දුරටත් විධිමත් කිරීමටත්, මදුරු කීටයින් විනාශ කිරීමේ කඩිනමි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, මිනුවන්ගොඩ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය බලධාරීන්ගේ අවධානය ලහිලහියේ යොමුවී තිබෙන බවත් , කාර්යාලයේ නිළධාරියෙකු පැවසුවේය.
( අයි. ඒ. කාදිර් ඛාන් )

Post a Comment