BREAKING NEWS

මීගමුව රෝහලේ ඩෙංගු :

මීගමුව රෝහලේ ඩෙංගු :
වෛද්‍යවරුන් දස දෙනෙකුටත් ඩෙංගු උණ

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   මීගමුව දිස්ත්‍රික්  මහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිහකට වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැලදී ඇති බව, රෝහල් ආරංචි මාර්ග පවසයි.
   වෛද්‍යවරුන්,  හෙදියන්, උපස්ථායකයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම අංශයකම පිරිස් මේ අතර ඇති බවද වාර්තාවේ.
   මේ පිරිස අතර, රොහල් වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ ද, කාර්ය මණ්ඩලයේ විසි දෙනෙකු පමණ ද ඩෙංගු උණ රෝගය වැළදී තිබෙන බව ද වාර්තාවේ.
   තත්ත්වය මෙසේ තිබියදී, මෙම රෝහලේ කළමණාකාරිත්වය කරන ලද ඉල්ලීමක් මත, මීගමුව රෝහල් භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී, අතහැර දමා තිබූ බව කියන වැසිකිළියක් ආසන්නයේ හමුවූ ප්ලාස්ටික් අයිස් ක්‍රීම් බදුනක සිටි මදුරු කීටයන් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
   මීට අමතරව, අතහැර දමා තිබූ වැසිකිළි කොමඩ් එකක සිටි මදුරු කීටයන් තොගයක් ද සොයාගෙන තිබේ. 
   මේ අතර, රෝහල පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක් ද, ප්‍රධාන පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
   මීගමුව දිසා මහ රෝහලේ, ඩෙංගු රෝගීන් 800 දෙනෙකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තාවේ.

( අයි. ඒ. කාදිර් ඛාන් )

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar