BREAKING NEWS

පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න තිබුණු ඇමතිවරයා













පසුගිය කාලයේ  පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න තිබුණු ඇමතිවරයා මම වුවත්, මා ලැබූ නිසි අධ්‍යාපනය නිසා ඒ අභියෝග ජයගත්තා. - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා.



 “ මම අටවෙනි ශ්‍රේණිය වෙනකම් මං පංතියේ ආවේ 32 තැනට. මං උනන්දුවක් ගත්තේ නැති නිසා. ඒ නිසා තමුන්නාන්සේලත් තමන්ගේ දරුවා අන්තිමයා කියා නිකං ඉන්නේපා. මගේ අම්මයි තාත්තයි නිකං හිටියේ නෑ. මට බලකරා. මට ශක්තිය දුන්නා. මට අධ්‍යාපනේ ගැන ආදරේ දුන්නා. ළමයා අන්තිමයා වෙනවා... ඒනිසා ළමයා වැඩක් නෑ කියන එක කරන්න එපා සහෝදර සහෝදරවරුණි. ශක්තිය දෙන්න. ධෛර්යය දෙන්න. ළමයව අයින් කරලා තියන්නෙපා. ඒවගේම තමුන්නාන්සේලා අමරුකම් තියෙනවා. හැබැයි තමුන්නාන්සේලා තියෙන සියලුම සම්පත් ප්‍රමාණය තමුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට යොමු කරන්න. හේතුව අදුරෙන් ආලෝකය ලබා ගැනීමට එකම ආයුදය අධ්‍යාපනය. ඒනිසා මා විශ්වාස කරනවා තමුන්නාන්සේලා මම දුන්න පණිවිඩයත් එක්ක ගෙදර ගිහිල්ලා තමුන්නාන්සේලාගේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමුන්නාන්සේලා මොනාද කළ යුතුයි කියන එක සම්බන්ධයෙන් කල්පනා කරයි කියලා. ඒවගේම හොඳ පාසල්වලට යන්න ඕන්නෑ.  රාජකීය විද්‍යාලයට යන්න ඕන්නෑ... මේ වෛද්‍යවරු වෙන්න. නැත්තං මේ විශාඛාවලට යන්න ඕන්නෑ.. තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට ශක්තිය ධෛර්ය දුන්න නම් මොන ස්කෝලේ හිටියත් ඒ දරුවා ජයගන්න පුළුවන් කියන පණිවිඩේ මං තමුන්නාන්සේලාට දෙනවා. මේ මාස 06 තුළ මට හුඟාක් අභියෝග තිබුණා. ඒවගේම තමුන්නාන්සේලා දැකලා ඇති පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න තිබ්බේ මට. හැබැයි අධ්‍යාපනය නිසා මට ඒ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් වුණා.. ”



අමාත්‍යතුමා මේ බව පැවසුවේ ඊයේ  සවස කොළඹ 12, අලුත් කඩේ ප්‍රදේශයේ ශාන්ත සෙබස්තියන් සිංහල විද්‍යාලයේ පැවති  “ ප්‍රතිභා කලා උළෙල 2017 ” උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස එක්වෙමින්.



Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar