BREAKING NEWS

බස්නාහිර පළාතේ පාසල්වල උපාධිධාරි ගුරු පුරප්පාඩු 200 ක් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කරයි.



(මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන්)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නිර්දේශයකට අනුව, බස්නාහිර පළාත් සියලුම පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා, අධ්‍යාපන අමාත්‍යංශය සිංහල හා දමිළ මාධ්‍ය උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. ඒ සදහා සිකුරාදා දින ගැසට් කිරීමට නියමිතය.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, පාසල්වල දක්ෂ ගුරුවරු නොමැති නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට පාසල්වලට නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය. පළාත් අධ්‍යාපනය දියුණු කිරීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හැකිවීම පිළිබද සතුටට පත් වන බවද ආණ්ඩුකාරවරයා පැවසුවේය.
බස්නාහිර පළාත ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් සමන්විත වන අතර, නව ගුරු පත්වීම් බස්නාහිර පළාතේ ඇති සිංහල, දමිළ සහ  මුස්ලිම් පාසල් සදහා අනුයුක්ත කරනු ඇත. ගණනය කිරීම්වලට අනුව, බස්නාහිර පළාතේ පාසල්වල උපාධිධාරි ගුරු පුරප්පාඩු 200 ක් පමණ ඇති බවට වාර්තා වී ඇති බව දැනගන්නට ලැබේ.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar