BREAKING NEWS

මුතුරාජවෙල වගුරු බිමක් අනවසරයෙන් ගොඩකළාට නඩු.



(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)

මුතුරාජවෙල අභය භූමියට අයත් පෞද්ගලික ඉඩමක වගුරු බිමක් අනවසරයෙන් ගොඩකරමින් සංවර්ධනය කිරීමේ යෙදුණු ඉඩම් අයිතිකරුවෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව,මුතුරාජවෙල වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
මුතුරාජවෙල අභය භූමියට අයත් බෝපිටිය - නිල්තිරිගම, මුතුරාජනි මාවතේ ඉඩමක් අවසර නොලබා සංවර්ධනය කරන බවට ලද පැමිණිල්ලක් මත සිදුකල පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත.
ජැ- ඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෙම ඉඩමේ කොටසක පාරක් තැනීම සදහා ඉවතලන රෙදි කැබලි, ප්ලාස්ටික්, රබර් කොටස් ,පොලිතින් වැනි අපද්‍රව්‍ය දමා ගොඩකර තිබූ බව , මෙම පරීක්ෂණයේදී හෙළි වූ බව, මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
එම ගොඩකිරීම්වල යෙදුණු ඉඩම් හිමියා, වනජීවී වෘක්ෂලතා හා ආරක්ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්, වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
මුතුරාජවෙල වන ජීවී ආරක්ෂණ කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, සමන් කුමාර , අඩවි සහකාර ආරක්ෂක නිළධාරීන් වන බුද්ධික අතුකෝරල , ඒ. එම්. සමින්ද යන නිළධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.


Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar