- බලපිටියට නව තෙමහල් බහු කාර්ය ගොඩනැගිල්ලක්
- වියදම රුපියල් ලක්‍ෂ 655ක්
- බෙන්තොට ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ආයුර්වේදය, පුස්තකාලය සහ රැස්වීම් ශාලාවට නව දෙමහල් ගොඩනැගිල්ලක්
- වියදම රුපියල් ලක්‍ෂ 424ක්
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකරන ලද බලපිටිය නව තෙමහල් බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හා බෙන්තොට ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ආයුර්වේදය, පුස්තකාලය සහ රැස්වීම් ශාලාව සහිත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 02 වැනි සෙනසුරාදා සිදු කිරීමට නියමිතය.
ඒ අනුව රුපියල් ලක්‍ෂ 655ක වියදමකින් යුතුව ඉදිකළ බලපිටිය නව තෙමහල් බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම එදින පෙ.ව. 9.00ට සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර රුපියල් ලක්‍ෂ 424ක වියදමකින් යුතුව ඉදිකරන බෙන්තොට ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ආයුර්වේදය, පුස්තකාලය සහ රැස්වීම් ශාලාව සහිත නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පෙ.ව. 11.00ට සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

Post a Comment