BREAKING NEWS

දඩුගම් ඔයට කම්හල් අපද්‍රව්‍ය මුදාහැරීමෙන් පරිසර හානි

ඩුගම් ඔයට කම්හල් අපද්‍රව්‍ය මුදාහැරීමෙන් පරිසර හානි.

(මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන්)
මිනුවන්ගොඩ - කොටුගොඩ ආශ්‍රිතව කර්මාන්ත ශාලා දෙකකින් දඩුගම් ඔයට අපද්‍රව්‍ය මුදා හැරීම නිසා, දැඩි පරිසර හානියක් වී ඇති බව වාර්තා වේ.
මෙය වසර ගණනාවක් තිස්සේම වෙමින් පවතින අතර, ජනතාවගේ විරෝධතාවන් හමුවේ තාවකාලිකව යටපත් වන අතර, යළි මතුවෙමින් පවතින බවත් දැනගැනීමට ඇත.
මෙහි වඩාත්ම අනතුරුදායක වන්නේ, දස දහසකට ආසන්න ජනතාවක් ජීවත් වන රද්දොළුගම නිවාස සංකීර්ණයට පානීය ජලය ලබාගනු ලබන ජල මූලාශ්‍රය පිහිටා ඇත්තේද, කොටුගොඩ පෙදෙසේ වීමයි.
දඩුගම් ඔය ආශ්‍රිතව කර්මාන්ත ශාලා රැසක් පිහිටා ඇති අතර, ඉන් සමහර ආයතන තමන්ගේ කාර්මික අපද්‍රව්‍ය දඩුගම් ඔයට මුදා හරිනු ලබයි. මේ හේතුව නිසා, දඩුගම් ඔයේ මත්ස්‍ය සම්පත විනාශ වන අතර, එයින් ලබාගන්නා ජලය පාවිච්චි කිරීමෙන් ජනතාවද රෝගින් බවට පත්වේ.
මෙම කර්මාන්ත ශාලා දෙකට විරුද්ධව නඩු පවරන ලද අතර, එම අපද්‍රව්‍ය මුදාහැරීමට විරුද්ධව පියවර ගෙන ඇත. එහිදී, තාවකාලිකව එම කටයුතු නවතා දමා ඇතත්, දැන් නැවතත් අපද්‍රව්‍ය මුදා හැරීම සිදු කෙරේ. මේ පිළිබදව වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බව ජනතාව පෙන්වා දෙයි.

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar