BREAKING NEWS

ෆයිසර් මුස්තෆා අම්පාරයට යයි


ෆයිසර් මුස්තෆා
    අම්පාරයට යයි

( මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන් )

   හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ  ෆයිසර්  මුස්තෆා  මහතා, ඊයේ (12) සෙනසුරාදා  දින අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුස්ලිම් හා දමිල  සංවිධායකවරුන්ගේ හා මන්ත්‍රීවරුන් ගේ හමුවක් සඳහා සහභාගි විය.
   ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඪාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීරණය පිළිබඳව මෙහිදී සංවිධායකවරු දැනුවත් කළ අතර රැස්ව සිටි සියලුම දෙනා එම තීරණය පිළිබඳව සිය එකඟතාවය පළ කරන ලදි.

( මිනුවන්ගොඩ - අයි.ඒ. කාදිර් ඛාන් )

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar